දොරවක ශ්‍රී නාථ දේවාලය [ Dorawaka Sri Natha Devalaya ]

පිහිටීම
පළාත~ සබරගමුව
දිස්ත්‍රීක්කය~ කෑගල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය~ වරකාපොළ
ග්‍රාමනිළධාරී වසම~ දොරවක-ගනේගම

ගමන් මාර්ගය෴
වරකාපොළ නගරයේ සිට කොළඹ-නුවර පාරේ (A1) නුවර දෙසට මඳ දුරක් (450 m පමණ) යනවිට වම්පසට දිවෙන වරකාපොළ-රුවන්වැල්ල මාර්ගය (B457) හමුවේ. එම මාර්ගය දිගේ 4.7 km ක් ගියවිට තල්ලියද්ද හන්දිය හමුවන අතර එතැනින් වමට හැරී (තල්ලියද්ද පාලම මතින්) 1 km ක් ගොස් හමුවන "Y" හන්දියෙන් දකුණට හැරී 1.2 km ගියවිට දකුණු පසින් දේවාලයේ තොරණ ඇත. තොරණේ සිට 100 m දුරකින් දේවාලය පිහිටා තිබේ. වරකාපොළ නගරයේ සිට දේවාලයට ඇති මුළු දුර 7.45 km කි.
වරකාපොළ > රුවන්වැල්ල පාර > තල්ලියද්ද හන්දිය > Y හන්දිය > තොරණ > දොරවක ශ්‍රී නාථ දේවාලය

වතගොත෴
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ නගරයට නුදුරු දොරවක ගනේගම ග්‍රාමය තුල පිහිටා ඇති මෙම දේවාලය නාථ දෙවියන් උදෙසා සෑදුවකි. ප්‍රමාණයෙන් ඉතා කුඩාවූ ඉපැරණි දේවාලය අදද සුරැකීව දේවාල භුමිය තුල දක්නට ලැබේ. පසු කාලයේදී නව නාථ දේවාලය, විෂ්ණු දේවාලය හා බුදුමැදුරක් මෙම භුමියතුල සාදවා ඇත. එමෙන්ම ඉතා විශාල ඉපැරණි නා ගසක්ද දේවල භුමිය තුල ඇත.
මෙහි වාර්ෂිකව නාථ දෙවියන් උදෙසා පෙරහැරක් පවත්වනු ලබන අතර නුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයා තේරීමේ නිලවරනයෙදී ඡන්දයක්ද මෙම දේවාලයට පෙර රජ දවස සිට හිමිව ඇත.

වැදගත් දත්ත෴
# සතියේ තේවා දින හා වෙලාවන්~
   බදාදා/සෙනසුරාදා  - පෙ.ව. 8.00 - පෙ.ව. 11.00
                                      ප.ව. 3.00    - ප.ව. 5.00 
   අනෙකුත් දිනවල   - පෙ.ව. 8.00  - පෙ.ව. 9.00
                                     ප.ව. 4.30     - ප.ව. 5.00
# නාථ දෙවියන්ට පිංදීමේ ගාථාව~
   මෙත්තෙය්‍ය නාමේන බුද්ධෝ භවිත්වා
   නිබ්බාණ ගාමිං දේසේති ධම්මං
   වාසේති සෝදති තුසිතම්හි ලෝකේ
   වන්දාමහං තංවර බෝධි සත්තං
තේරුම~
   තුසිත භවනේ නාථ දෙවිඳුන් ලෙසින් වැඩ වාසය කරන්නා වූ
   මෙත් බෝසත්තුමාණනි ඔබ වහන්සේ දෙවියන්ට දෙවි වූ
   දෙවියන්ටත් ධර්මය දේශනා කරන්නා වූ, ලෝක නාථ වූ
   අසරණ සරණ වූ, ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. 

සේයාරූ෴
[ ශ්‍රී නාථ දේවාලය ]



[ ඉපැරණි නාථ දේවාලය ]



[ පැරණි නාථ දේවාලයේ වහල ]



[ බුදුමැදුර ]



[ විෂ්ණු දේවාලය ]



[ දේවාල පිවිසුමේ ඇති තොරණ ]



[ ඉපැරණි සුවිසල් නා ගස ]



[ නාථ දේවාලය ]



[ පිත්තල දොර අගුල සහ කයිපුඩි වළලු ]



[ නාථ දේවාලයේ කැටයම් සහිත දැවමය උළුවස්ස ]



[ නාථ දේවාලයේ දොර ]



[ පෙරහැර කරඬුව ඇතා මත තැන්පත් කිරීම සඳහා ඇති පඩිපෙල ]



[ ගල් කණුව ]



[ ගලින් තනන ලද උපකරණ ]



[ නාථ දේවාලයට ඈතින් පෙනෙන ගුරුවල කන්ද ]

සලකුණු කලේ෴
2018 අප්‍රියෙල් 29

සබැඳි෴


Comments