බෝපත් ඇල්ල [ Bopath Ella ]

පිහිටීම
පළාත~ සබරගමුව
දිස්ත්‍රීක්කය~ රත්නපුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය~ කුරුවිට
ග්‍රාමනිළධාරී වසම~ කීරගල

ගමන් මාර්ගය෴
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරය වෙත පැමින අවිස්සාවේල්ල-රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති කුරුවිට පොලිස් ස්ථානය අසලට පැමින එයට යාබදව ඇති දෙවිපහල පාරට හැරෙන්න. එතැනින් හැරී 1.8 km ක දුරක් ගොස් වමට හැරී 800 m ගොස් දකුණට හැරී 200 m ගොස් යලි දකුණට හැරී 100 m ගියවිට ඔබට බෝපත් ඇල්ල සඳහා ඇති වාහන නැවතුම්පොලට ලඟාවිය හැකිය. එතැන ඔබේ වාහනය ගාල්කර එතැන්සිට 500 m පමණ දුරක් පා ගමනින් ගොස් නැරඹුම් පීඨිකාවට ලඟාවිය හැක.
කුරුවිට > කුරුවිට පොලිසිය > දෙවිපහල පාර > බෝපත් ඇල්ල

වතගොත෴
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි අගලවත්ත නම් ග්‍රාමය තුල මෙම දියඇල්ල පිහිටා තිබේ. ශ්‍රී පාද අඩවියෙන් ආරම්භවන කුරු ගඟ එතැන් සිට පැමින ඇල්ල කැලේ රක්ෂිතය තුලදී විශාල කළුගල් පර්වතයක මුදුනේ සිට පහලට එක් වරම කඩා හැලෙමින් 30 m උසකින් යුත් මෙම මාහැඟි ඇල්ල නිර්මාණය කරයි. බෝ පතක හැඩයට බෙහෙවින්ම සමාන ලෙසින් කඩා හැලෙන නිසාම මෙයට බෝපත් ඇල්ල යැයි නම් ලැබී ඇත. දිය ඇල්ල ඇද වැටීමෙන් පසු මෙම ජලපහර දියදහරාවන් කිහිපයකටම බෙදෙමින් ගමන් කරන නිසා දුපත් ගණනාවක්ද නිර්මාණය වී ඇත.
ඇල්ල අවට ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය 26.9 හා 27.8C° අතර පවතී. ඇල්ලට ඉහල ජලාධාර ප්‍රදේශය හෙක්ටයාර 2.1 ක් පමණද ඒ ආශ්‍රිත සම්පූර්ණ ජලාධාර ප්‍රදේශය වර්ග කිලෝමීටර 61.3 ක් පමණද වන මෙම දිය ඇල්ලේ වාර්ෂික ජලවහනය තත්පරයට ඝන මීටර 6.5 කි. මෙම ජලාධාර ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 5080 කි. මේ අවට වනය අට්ටික්කා, කුඹුක්, මිදෙල්ල, ඕකෙයිය, දුන්, පර, ගිනිහොට, රත්මඩිතිය, කෙටල, දං, බේදුරු, උඩවැඩියා, මීවන, බඩල් හනස්ස, මකුළු ගස්, පුස් වැල්, උණ වැනි ශාකවලින් පිරී පවතී. එමෙන්ම මෙම දියපහරේ මිරිදිය මසුන් වන බුලත් හපයා, ආඳා, ලේල්ලු, මඟුරා, කොරලි, සොන්නු, අරා, දංකොළ සාලයා, පෙතියා හා නළ හඳයා ජීවත් වෙයි.

වැදගත් දත්ත෴
# ඇල්ලේ උස - 30 m
# බෝපත් ඇල්ල නැරඹීම සඳහා ගාස්තු.....
   (මෙය අනාගතයේදී වෙනස්විය හැකිය.)
~ වැඩිහිටි                           - Rs. 20.00
~ පාසල් ළමුන්                   - Rs. 10.00
~ අවුරුදු 12ට අඩු ළමුන්  - Rs. 10.00
# වාහන නැවැත්වීම සඳහා ගාස්තු.....
    (මෙය අනාගතයේදී වෙනස්විය හැකිය.)
~ දොරටු දෙකේ බස්රථ                       - Rs. 150.00
~ කාර්/වෑන්/තනි දොර බස්/ලොරි  - Rs. 100.00
~ ත්‍රී රෝද රථ                                         - Rs. 50.00
~ මෝටර් සයිකල්                                  - Rs. 30.00
# පරිසර  ප්‍රතිඥාව.....
"ලොව පවත්නා ගහකොළ, ඇළ දොළ ගං හෝ සමුදුරුද, ඒ අතර වෙසෙනා සියලුම සත්ව සංහතීන්ද, ඒ සියල්ල දරාසිටින මිහිතලයද, මනාසේ සමහන්ව පැවැත්මට ඇවැසි වූ සබැඳියාව නීති වඩමින් අවිදු අඳුරට නොබා විදු පහන් දල්වමින් දිවි දෙවැනි කොට රකිනා සාර ගුණ දම් රැසින් සියලු වැර යොදා, සියලු දිරි දරා අපගේ පරිසරය ලෝවැඩ පිණිස සුරකින්නට ඉමහත් අධිෂ්ඨානයෙන් කැපවන බවට, මෙයින් ප්‍රතිඥා දෙමි."

විශේෂ අවවාද෴
# ඉහල ජලාධාර ප්‍රදේශවලට අධික වැසි ලැබෙන බැවින් ගඟේ දිය නෑම අනතුරුදායකය. ගඟේ දිය බොර පැහැති වේනම්, කොලරොඩු පාවී ඒනම් වහාම ගොඩබිමට පැමිණෙන්න. (වර්ෂාව පවතින දිනවලට විශේෂයි.)
දූපත් අසලම ඇති ජලයට එක් වරම බැසීම නොකරන්න. සමහර ස්ථානයන්හි මඩ සහිත නිසා හානිදායක විය හැකිය.

සේයාරූ෴
[ බෝපත් ඇල්ල ]



[ බෝ පතක හැඩරුව ගත් දියඇල්ල ]



[ බෝපත් ඇල්ල ]



[ ඇල්ල පාමුල ඇති ගල් ]



[ බෝපත් ඇල්ල ]



[ නැරඹුම් පීඨිකාවට පෙනෙන අයුරු ]



[ ගස්වලින් වටවූ ඇල්ල ]



[ ගල් අතරින් ගලායන දියදහර ]



[ උණ ගසින් පිරි දූපත් ]



[ නැරඹුම් පීඨිකාව ]

[ ඇල්ල අවට ඇති තුරුලතා ]



[ ඇල්ල වැටීමෙන් පසු ඇතිවන ඇල මාර්ග ]


සලකුණු කලේ෴
2016 නොවැම්බර් 12

සබැඳි෴
ආශ්‍රිත ලිපි෴
# බෝපත් ඇල්ල අසල ඇති තොරතුරු පුවරුව/මාර්ගෝපදේශය-පරිසර අමාත්‍යාංශය/
   මෙහෙයවීම-කුරුවිට ප්‍රාදේශීය සභාව




Comments

Post a Comment