මැල්ලගල ආරණ්‍ය සේනාසනය [ Mallagala Aranya Senasanaya ]

පිහිටීම
පළාත~ සබරගමුව
දිස්ත්‍රීක්කය~ කෑගල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය~ කෑගල්ල
ග්‍රාමනිළධාරී වසම~ දීවෙල-උඩගම


වෙනත් නම්෴
# මැල්ලගල යෝගාශ්‍රමය

ගමන් මාර්ගය෴
සබරගමුවේ ප්‍රධාන නගරය වූ කෑගල්ල නගරයේ සිට 4.8 km ක් නුවර දෙසට ගියවිට මොලගොඩ ඉන්ධන පිරවුම්හල දකුණු පසින් පිහිටයි. ඊට වහාම එපිටින් දකුණු දෙසට විහිදීගිය මාර්ගයකි. එම ස්ථානයේ සිට මෙම මාර්ගය දිගේ 4.2 km ගමන් කලවිට කුඩා කොන්ක්‍රීට් පාළමක් හමුවේ. එම ස්ථානය "පාලම හන්දිය" නමින් ව්‍යවහාර කෙරේ. එතනින් දකුණු දෙසට ඇති ගුරු පාර දිගේ 1.6 km ගියපසු කුඩා ප්‍රමාණයේ බුදු මැදුරක් සහිත හන්දියකට ළඟාවිය හැකිය. එම බුදුමැදුර අසලින් දකුණට හැරී 800 m ගෙවා දැමීමෙන් පන්සල වෙත ළඟාවිය හැක. කෑගල්ල නගරයේ සිට ගෙවා දැමියයුතු මුළු දුර ප්‍රමාණය 11.4 km කි. නමුත් මෙම මාර්ගයෙහි පාලම හන්දියේ සිට බුදුමැදුර දක්වා ඇති මාර්ගය ඉතා අපහසුවෙන් සොයාගත යුතුවේ. (මංසන්ධි කිහිපයකින්ම හැරීයාමට ඇතිනිසා ගම්වාසීන්ගේ නොඅසා ගමන් කිරීමෙන් මංමුලාවීමට බොහෝදුරට ඉඩතිබේ.)
කෑගල්ල > මොලගොඩ ඉන්ධන පිරවුම්හල > පාළම හන්දිය > බුදුමැදුර ඇති හන්දිය > මැල්ලගල ආරණ්‍ය සේනාසනය

අනෙක් මගනම්; මුලින් සඳහන්කල පරිදි පාලම හන්දිය කරා ගොස් එතැන් සිට පාරේ ඉදිරියට (වමට) 1.4 km ගියවිට අත්තනගොඩ හන්දිය හමුවේ. (ඒ අසලම අත්තනගොඩ පාසල දැකගත හැකිය.) එතැනින් දකුණට හැරෙන්න. එතැන් සිට 400 m කින් වමට හැරී 500 m කට පසුව ළඟාවන බුදුමැදුර අසලින් වමට හැරී 800 m දුරක් ගෙවා විහාරය වෙත පැමිණිය හැකිවෙයි. කෑගල්ල නගරයේ සිට ගෙවා දැමියයුතු මුළු දුර ප්‍රමාණය 12.1 km කි. සාපේක්ෂව දුර වැඩිවුවද මෙම මාර්ගයේ ගමනාගමනය පහසුය.
කෑගල්ල > මොලගොඩ ඉන්ධන පිරවුම්හල > පාළම හන්දිය > අත්තනගොඩ හන්දිය > බුදුමැදුර ඇති හන්දිය > මැල්ලගල ආරණ්‍ය සේනාසනය

වතගොත෴
සබරගමු පළාත තුල පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනය මැල්ලගල යෝගාශ්‍රමය නමින්ද හඳුන්වනු ලබන අතර වර්ෂ 1939 දී ආරම්භ වූවායැයි සැලකේ. ඉතා විසල් අලංකාර වන අරණක් තුල පිහිටා ඇති මෙම මාහැඟි සිද්ධස්ථානය තුල දැනට භික්ෂුන් වහන්සේලා 12 නමක් පමණ ස්ථීරව වැඩ සිටියද, භාවනානුයෝගීව වැඩවිසීම සඳහා පැමිණෙන ස්වාමීන් වනසේලාද ඇතුළුව 23-25 අතර ප්‍රමාණයක් වැඩසිටී. මෙහි ප්‍රධානත්වය උසුලන්නේ පලපිටිය මොහොට්ටිවත්තේ සද්ධාවංශ හිමි විසිනි. එසේම මෙම ආරණ්‍ය සේනාසනය සතුව වෙන් වෙන්ව ඉදිකරන ලද කුටි 20-25 අතර ප්‍රමාණයක් ඇතත් බොහෝ ඒවා ගරවැටීමට ලක්වී ඇත. මේ වනවිට කුටි 10ක් පමණ පාවිච්චියට ගනු ලැබේ. මහා ථෙර කුටිය, මහා නාග ලෙන, නිබ්බුත කුටිය, විජය කුටිය, ගල් වියන කුටිය, පරුමඛ ලෙන, සුදස්සන කුටිය, ශීල කුටිය, සංවර කුටිය, ඉන්ද්‍රිය කුටිය යනු මෙම කුටිවලට දී ඇති නම් වලින් කිහිපයකි. දීවෙල උඩගම, දීවෙල පල්ලේගම, වාකිරිගල, ගල්අතර වැනි අවට පිහිටා ඇති ගම්වල වෙසෙන ජනතාව විසින් ප්‍රධාන වශයෙන් දානය සපයයි. 

සබැඳි ජනප්‍රවාද෴
# මෙහි මෙරට ජීවත්වූ අවසාන රහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටිය බව ජනප්‍රවාදයේ ඇත.
# මෙහි ඇති පරුමඛ ලෙන නමින් හඳුන්වනු ලබන කුටිය පුරාණ රජ කෙනෙකුගේ පරුමඛ නමින් යුත් ඇමතියෙකු විසින් සාදවන ලදැයි විස්වාසයේ පවතී. එම කුටිය පිටිපස පිහිටි ගලක කොටනලද බ්‍රාහ්මී අක්ෂර වලින් එබව තහවුරු කරගත හැකියයි පැවසේ. (එම අක්ෂරවල තේරුම "පරුමඛපුත්‍ර" යැයි දැනගැනීමට ලැබිනි.) 

සේයාරූ෴
[ ගල්වියන කුටිය ]



[ මහානාග ලෙන ]



[ ගල් පර්වතය යට ඉදිකර ඇති කුටි ]



[ මුළුමනින්ම ගලයට ඉදිකර ඇති ගල්වියන කුටිය ]



[ දඹදිව ජයසිරිමා බෝධියේ පලරුහ බෝධීන්වහන්සේ ]



[ බෝධීන්වහන්සේ රෝපිත දින විස්තරය ]



[ අනුරාධපුර ජයසිරිමා බෝධියේ පලරුහ බෝධීන්වහන්සේ ]



[ බෝධීන් වහන්සේ රෝපණය කිරීමට අදාල සෙල්ලිපිය ]



[ බුදුමැදුර ]



[ ධර්ම ශාලාව ඇතුලත ]



[ නව දානශාලාව ]



[ ඝන්ටාර කුළුණ ]



[ භාවනා කිරීමට ඇති ස්ථානයක් ]



[ ගස් අතරින් දිවෙන ගල් පැදිපෙළ ]



[ දැව කොටයකින් සාදනලද ටකය ]



[ "පරුමඛපුත්‍ර" සෙල්ලිපිය ]



[ ගල යට කොටා ඇති කටාරම් ]



[ වීයැකෙමින් පවතින සෙල්ලිපිය ]



[ පුරාණ කුටිවල නටඹුන් ]



[ ගරා වැටෙමින් පවතින ඉපැරණි කුටි සංකීර්ණය ]



[ පැරණි කුඩා දාගැබ ]



[ ගලයට ඇති කුඩා ජල පොකුණ ]



[ ගරාවැටී ඇති පරණ ලිඳ ]



[ උණ මල් ]



[ පන්සලට ඈතින් පෙනෙන ඌරා කන්ද ]

ලිපිනය෴
මැල්ලගල ආරණ්‍ය සේනාසනය,
දීවෙල උඩගම,
දීවෙල පල්ලේගම,
කෑගල්ල.

දුරකථන෴
071-8571008

සලකුණු කලේ෴
2015 දෙසැම්බර් 27

සබැඳි෴



යාබදව පිහිටි ස්ථාන෴


Comments