උඩවලව ඇත් අතුරු සෙවණ [ Udawalawa Ath Athuru Sewana ]

පිහිටීම
පළාත~ සබරගමුව
දිස්ත්‍රීක්කයරත්නපුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයඇඹිලිපිටිය
ග්‍රාමනිළධාරී වසම~ උඩවලව

ගමන් මාර්ගය෴
පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මාර්ගයේ (A18) ඇති උඩවලව හන්දියට (43km හා 42km කණු අතර පිහිටා ඇත) පැමිණෙන්න. ඔබ ඇඹිලිපිටිය සිට පැමිණෙන්නේනම් උඩවලව හන්දියෙන් දකුණු දෙසට විහිදුනු මාර්ගයට (තණමල්විල පාර-B427) හරවන්න. උඩවලව හන්දියේ කුඩා බුදු මැදුරක් සහ බෝ ගසක් ඇත. හැරී එම පාරේ 2.9km ගියපසු වම් අත දෙසට විහිදුනු මාර්ගයට (C.P. ද සිල්වා මාවත) පිවිස එහි ඉදිරියට 300m පමණ ගියවිට ඔබගේ දකුණු පසින් උඩවලව ඇත් අතුරු සෙවණ දැකගත හැකිය. C.P. ද සිල්වා මාවත ආරම්භවන මංසන්දියේ උඩවලව ඇත් අතුරු සෙවණේ නාම පුවරුවක් ස්ථාපිත කර තිබේ.
උඩවලව හන්දිය > තණමල්විල පාර > C.P. ද සිල්වා මාවත > ඇත් අතුරු සෙවණ

වතගොත෴
" යලිත් සිය නිජබිම් කරා පා නැගීමට ඉඩදෙන්න " යන තේමාව පෙරදැරිව 1995 නොවැම්බර් 04 වෙනිදා එදිනට යෙදුනු ලෝක සත්ව දිනය වෙනුවෙන් එවකට වන ජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂව සිටි දොස්තර නන්දන අතපත්තු මහතාගේ (ඇත් අතුරු සෙවණේ නිර්මාතෘ) හා වනජීවී විෂය භාර ඇමතිව සිටි රත්නසිරි වික්‍රමනායක මහතාගේ මග පෙන්වීම මත ඇත් අතුරු සෙවණ (Elephant Transit Home-ETH) ආරම්භ කරන ලදී. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (Department of Wildlife Conservation) මගින් පාලනය වන මෙය ආසියාවේ ස්ථාපිත කරනලද ප්‍රථම අලි ඇතුන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයද වේ. මෙමගින් සිදුවන මුලිකම කාර්යය ලෙස වනෝද්‍යාන තුලදී මෙන්ම ඉන් පරිභාහිරවද අනතුරුවලට ලක්වීමෙන් (යුද්ධය නිසා තුවාල ලද, මිනිසුන් විසින් අටවනලද උගුල් වලට අසුවූ, අතරමං වූ හා වගා ලිංවල වැටුනු වැනි) අසරණවන කුඩා අලි පැටවුන් මෙහි රැගෙනවිත් සියළු පහසුකම් සපයා උන්ගේ නිසි වයස එළැඹිකල යලි වනයට මුදාහැරීම දැක්විය හැකිය. උඩවලව, ලුණුගම්වෙහෙර, මාදුරුඔය හා යාල යන වනෝද්‍යාන වලට මේ වනවිට මොවුන් විටින්විට නිදහස් කර ඇත.
උඩවලව ජාතික වනෝද්‍යානයේ බටහිර මායිමේ අක්කර 200ක පමණ භූමියක පැතිරී තිබෙන මෙය දකුණින් උඩවලව ජලාශයට මායිම් වේ. මෙය උඩවලව හන්දියේ සිට වැල්ලවාය දෙසට යන විට, උඩවලව මහ වේල්ලට කලින් ඇති වම්පසට විහිදී යන මාර්ගයේ (C.P. ද සිල්වා මාවත) 300m පමණ දුරින් පිහිටා ඇත. එනම් උඩවලව ජාතික වනෝද්‍යානය හා උඩවලව පාසල අතරය. අතීතයේදී ඉතා කුඩා ශාලාවක තිබු ඇත් අතුරු සෙවණ මේ වනවිට පහත දැක්වෙන අංගවලින් සමන්විතය.
~ තුවාල වූ අලි පැටවුන් සුවකිරීම සඳහා ඇති ශල්‍යාගාරය.
~ උණුසුම් කාමර.
~ අලින් සඳහා වාට්ටු.
~ වෙළඳ කුටිය.
~ අලි ඇතුන් නැරඹීමේ වේදිකාව.
~ තොරතුරු මධ්‍යස්ථානය.

වැදගත් දත්ත෴
# අලි පැටවුනට කිරිදෙන වේලාවන් (අලින් නැරඹිය හැකි වේලාවන්).....
~ උදේ 9.00
~ දවල් 12.00
~ සවස 3.00
~ සවස 6.00
# ඇතුලුවීමේ ගාස්තු.....
   (මෙය අනාගතයේදී වෙනස්විය හැකිය.)
~ වැඩිහිටි         - Rs. 20.00
~ ළමා              - Rs. 10.00
~ පාසල් ළමුන් - Rs. 5.00
# ශ්‍රී ලංකා අලින්ගේ විද්‍යාත්මක නාමය - Elephas maximus maximus

සේයාරූ෴
[ කොස් කොළ ආහාරය බුදිමින් ]



[ අලි පැටව් ]



[ අලි පැටව් ]



[ අලි පැටව් ]



[ අලි පැටව් ]



[ අලි පැටව් ]



[ සංරක්ෂිත "සඳගිරියා" නම් අලියාගේ ඇට සැකිල්ල ]





[ ආයතනයේ විස්තර සහිත දැන්වීම් පුවරුව ]



[ තොරතුරු මධ්‍යස්ථානය විවෘතකිරීමේ ඵලකය ]

[ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලාංඡනය ]

[ අලි දානයක් දෙමු ]

ලිපිනය෴
ඇත් අතුරු සෙවණ,
උඩවලව.

දුරකථන෴
0472232147

සලකුණු කලේ෴
2016 නොවැම්බර් 04

සබැඳි෴


ආශ්‍රිත ලිපි෴
# අලි පැටවුන්ගේ දඟකාරකම් දකින්න ඇත් අතුරු සෙවණට යමු/
   නිහාල් පී. අබේසිංහ/සිළුමිණ/2016 ජුනි 05 ඉරිදා
# උඩවලව ඇත් අතුරු සෙවණ/www.amazinglanka.com



Comments