අලුලෙන රජමහා විහාරය [ Alulena Rajamaha Viharaya ]

පිහිටීම
පළාත~ සබරගමුව
දිස්ත්‍රීක්කය~ කෑගල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයරඹුක්කන
ග්‍රාමනිළධාරී වසම~ මොලගොඩ

වෙනත් නම්෴
අලුලෙන වළගම්බාපාය

ගමන් මාර්ගය෴
සබරගමු පළාතේ පිහිටි කෑගල්ල නගරයේ සිට නුවර දෙසට 4.8 km දුරක් ගියවිට දකුණු පසින් මොලගොඩ ඉන්ධන පිරවුම්හල පිහිටා ඇත. එයට යාබදව දකුණු දෙසට විහිදීගිය මාර්ගයකි. (එම මාර්ගයට මුහුණලා විහාරයේ නම සඳහන් පුවරුවක් සවිකර ඇත.) එතැන් සිට 2.2 km එම පාරේ ගොස් හමුවන හන්දියෙන් වමට හැරී 200 m පමණ දුරක් ගෙවාදැමූ පසු අලුලෙන රජමහා විහාරය වෙත ඔබට ලඟාවිය හැකිය. කෑගල්ල නගරයේ සිට මුළු දුර ප්‍රමාණය 7.2 km කි.
කෑගල්ල  > මොලගොඩ ඉන්ධන පිරවුම්හල > අලුලෙන රජමහා විහාරය

වතගොත෴
සබරගමු පළාතේ කෑගල්ල නගරයට ආසන්නව පිහිටා ඇති මෙම විහාරය එතරම් විශාල නොවූ නමුත් සුවිසල් ගල්තලාවක් යට පිහිටා ඇති පැරණි විහාරයකි. වළගම්බා රජුගේ රජසමයේ ඉදිකරන ලද්දක්යැයි සලකනු ලැබේ.  පන්සලෙහි ගොදුරුගම් (දානය සපයන) ලෙස දීවෙල, කිරිපොල, දුන්හෙන, ෆොරස්ට් හිල් වත්ත හැඳින්විය හැක. මෙහි ගල්තලාව යටපැත්තේ අනුරාධපුර යුගයේ ජීවත්වූ පරුමක පරපුරට අයත් ලෙන් ලිපියක් දක්නට ලැබේ.

සබැඳි ජනප්‍රවාද෴
# බලන්ගොඩ මානවයාගේ සමකාලීන නෑ පරපුරක් මෙම විහාරය තිබෙන ප්‍රදේශයේ විසූ බවට සාක්ෂි දරයි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් අළු මෙම ස්ථානයෙන් සොයාගෙන තිබේ. (දැනට ඒවා වැසීයන පරිදි සිමෙන්ති දමා ඒමත ගොඩනැගිලි ඉදිකර ඇත.) 1983 වසරේදී ශිරාන් දැරණියගල මහතා විසින් මෙහි කැණීම්කර ඇත.
# මෙම විහාරය සතුව තිබී ඇති ශෛලමය (ගලක නෙලන ලද) ශ්‍රී පතුලක් එවක වැඩසිටි ස්වාමීන්වහන්සේ නමක් විසින් ආරක්ෂාව පතා අත්තනගොඩ විහාරයට රැගෙනගොස් ඇතැයි පැවසේ. (H.C.P.බෙල් මහතාගේ වාර්තාවක මෙය සඳහන් කර ඇත.)
# මුඛ පරම්පරාගතව පැවතගෙන ආ ත්‍රිපිටකය වළගම්බා රාජ සමයේදී ග්‍රන්ථාරූඬ කලේ මෙම විහාරයේදීයැයි ජනප්‍රවාදයේ පවතී.


වැදගත් දත්ත෴
# සෙල් ලිපිය~ පරුමක ඉඣුපුත පරුමක අගියලෙන ශගශ
   තේරුම~ ප්‍රධාන ඉජුගේ පුත්‍ර ප්‍රධාන අගියගේ ලෙන සංඝයාට
අලුලෙන පිලිබඳ පැරණි කවි~
   යුද සෙන් සද සදා වළගම්බා                      නරනා
   වැද රහසින් විසූ කිඳිගොඩ රටෙහි                 මනා
   පුද කෙළෙ අලුලෙන මහ වෙහෙර            සදමිනා
   සුදනෙනි සසුන් වැඩුමෙහි දිරි දරනු              මැනා  

සේයාරූ෴
[ ගල් පර්වතය යට ඇති ගොඩනැගිලි ]



[ ඉන්ධන පිරවුම්හල අසල පිහිටුවා ඇති නාම පුවරුව ]



[ හන්දියට විහාරය පෙනෙන අයුරු ]



[ රබර්වතු මැදින් වැටීඇති ගමන්මාර්ගය ]



[ පන්සල ඉදිරිපිට ඇති ගල්කුල ]



[ පන්සල අසලින් ගලාබසින දියදහර ]



[ ඉපැරණි බෝධිය ]



[ ගල යට ඇති චෛත්‍යය ]



[ බුදු පිළිමය ]



[ ගල්තලාව මත ඉදිකර ඇති කුඩා චෛත්‍යය ]



[ ඝන්ටාර කුළුණ ]



[ ඉපැරණි නාරුක් යුගල ]



[ ආවාසගෙය ]



[ ස්වාමීන් වහන්සේලා වැඩසිටින කුටිය ]



[ ගලෙහි කෙටූ කටාරම් ]



[ ඝන්ටාර කුළුණ හා කුඩා චෛත්‍යය ]



[ පර්වතය යටිපැත්තේ කොටාඇති බ්‍රාහ්මී අක්ෂර ]



[ ගල් පර්වතය මුදුන ]



[ ගල මත ඇති ස්වභාවික දිය පොකුණු ]



[ පර්වතය තුලින් පැමිණෙන දිය පහරවල් ]



[ ස්වභාවික උල්පත්වලින් සැදි ලිඳ ]



[ අලංකාර කුඩා මල් විශේෂයක් ]



[ පර්වතය මුදුනට ඈතින් පෙනෙන නැව්ගල කන්ද ]



[ ගමන් මාර්ගයට ඈතින් පෙනෙන උතුවන්කන්ද ]

ලිපිනය෴
පුරාණ අලුලෙන් විහාරය,
ෆොරස්ට්හිල් වත්ත,
මොලගොඩ,
කෑගල්ල.

සලකුණු කලේ෴
2015 දෙසැම්බර් 27

සබැඳි෴




ආශ්‍රීත ග්‍රන්ථ෴
# කෑගලු කෝරළ පවත/M.D.M.S.යටවර













































Comments