බෝතලේ අම්බලම [ Bothale Ambalama ]

පිහිටීම
පළාත~ බස්නාහිර
දිස්ත්‍රීක්කය~ ගම්පහ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය~ මීරිගම
ග්‍රාමනිළධාරී වසම~ බෝතලේ-ඉහලගම

වෙනත් නම්෴
# බෝතලේ වෙල මැද අම්බලම

ගමන් මාර්ගය෴
කොළඹ-නුවර මහා මාර්ගයේ (A1) කොළඹ දෙස සිට පැමිණෙන විට 53 km කණුව පසුකල විට දංඕවිට මංසන්දිය හමුවේ. එතැනින් වම් පසට දිවෙන දංඕවිට-මීරිගම මාර්ගයට (B90)  හැරී 3.6 km ක දුරක් ගිය පසු හන්දියක් මුන ගැසේ. එතැනින් දකුණට හැරී වෙල් යාය මැදින් වැටී ඇති මාර්ගයේ (බෝතලේ ඉහලගම-සියඹලාගොඩ මාර්ගය) 1 km ගිය විට වම්පසින් වෙල් යාය මැද මෙම අම්බලම දිස්වේ.
දංඕවිට > සියඹලාගොඩ > බෝතලේ-ඉහලගම මාර්ගය > බෝතලේ අම්බලම 

වතගොත෴
ගම්පහ දිස්ත්‍රීක්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටා ඇති මෙම පැරණි අම්බලම ප්‍රදේශයේ  එකල විසූ මහතෙකු (වෙල් විදානේ නිලය දැරූ) විසින් ඉදිකර ඇති අතර දැනට ඔහුගේ පරම්පරාවේ අය විසින් රැකබලා ගනු ලබයි. අම්බලමට ළඟාවීම සඳහා මාර්ගයේ සිට වෙල් යායේ නියරවල් මතින් යා යුතුය.
අම්බලම ඉදිවී ඇත්තේ සෘජුකෝණාකාරවන ලෙසින් ඉදිවූ කණු 8 ක් හා තුන් පැත්තකින් වටවූ බිත්තිවලිනි. එම බිත්තිය ඝනකම් දෙකකින් යුතු වන ලෙසින් බැඳ තිබේ. එසේම ඉදිරිපස පැත්තේ කිසිදු බිත්තියක් නොමැත. වෙල මැද පිහිටි මඳක් උස් බිමක පිහිටුවා ඇති නිසා බිත්ති ඇති පැතිවල අත්තිවාරම උසින් වැඩිවන ලෙසින් ඉදිකර ඇත. බිමට සිමෙන්ති කපරාරු කර ඇත.
වහලය ගත්කල පල 4 වහලයක් වන අතර රට උළු සෙවිලි කර ඇත. අම්බලමේ මැදට වන්නට පිහිටුවා ඇති  දැව බාල්ක 2 ක් මත සවිකර ඇති කුරුපා 2 ක් මත වහලයේ මුදුන් පරාලය තබා ඇත. වහලයේ වඩිම්බු දක්නට නොමැති අතර මෙම අම්බලමෙහි කැටයම් හෝ ගල්කණුද දක්නට නොමැත. මෙය ඉතා මෑතකදී අලුත්වැඩියා කරන ලදබවක් පෙනෙන්නට ඇත.  

සබැඳි ජනප්‍රවාද෴
# අදින් වසර සියයකට පමන පෙර සියඹලාගොඩ, පනාවල, අරුක්ගොඩ ආදී ගම්වල විසූ ගම්වැසියන්ගේ අසනීප සඳහා බෙහෙත් ගැනීමට "අඹේපුස්ස රජයේ බෙහෙත් ශාලාව" වෙත යා යුතු විය. එසේ පයින් ගමන් යන්නවුන්ගේ ගමන් විඩාව මග හරවා ගැනීමට මෙම අම්බලම එකල භාවිතා කර ඇතිබව ප්‍රදේශයේ පැරැණ්නන් පවසයි.

සේයාරූ෴
[ බෝතලේ අම්බලම ]



[ ඉදිරිපස පෙනුම ]



[ පැති පෙනුම ]



[ ඝනකම් දෙකකින් යුතුව බැඳ ඇති බිත්ති ]



[ මාර්ගයේ සිට පෙනෙන අයුරු ]



[ උස් බිමක තනා ඇති අම්බලම ]



[ වෙල් යාය මැද ඇති අම්බලම ]



[ අම්බලමේ ඇතුලත ]



[ අම්බලමේ ඇතුලත ]



[ බිත්ති යටලී මූට්ටු කර ඇති අයුරු ]



[ ප්‍රධාන බාල්ක හා කුරුපා ]



[ වහලයේ පරාල සැකැස්ම ]



[ වහලයේ අගුව ]



[ අම්බලම අවට ඇති මනරම් වෙල් යාය ]

සලකුණු කලේ෴
2017 සැප්තැම්බර් 12

සබැඳි෴


Comments