හවරියවල අම්බලම [ Hawariyawala Ambalama ]

පිහිටීම
පළාත~ බස්නාහිර
දිස්ත්‍රීක්කය~ ගම්පහ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය~ අත්තනගල්ල
ග්‍රාමනිළධාරී වසම~ මට්ටාගොඩ

වෙනත් නම්෴
# මට්ටාගොඩ අම්බලම
ඇවරියවල අම්බලම

ගමන් මාර්ගය෴
ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල නගරයේ සිට කොළඹ-නුවර මාර්ගයේ (A1) නුවර දෙසට 1.35 km ක් ගමන් කිරීමෙන් පසු දකුණු දෙසට විහිදී ඇති වීරඟුල පාරට හැරෙන්න. එතැන්සිට එම පාරේ 3.3 km ගොස් (වීරඟුල පොලිසිය පසුකරමින්) හමුවන බස් නැවතුම අසලින් දකුණු පසට දිවෙන මාර්ගය (මට්ටාගොඩ පාර) දිගේ 600 m ගියවිට දකුණු පසින් මාර්ගය අසලම දැකගත හැක.
යක්කල > වීරඟුල පාර > මට්ටාගොඩ පාර > හවරියවල අම්බලම

වතගොත෴
ගම්පහ දිස්ත්‍රික්කයේ මට්ටාගොඩ ග්‍රාමයේ මට්ටාගොඩ හන්දිය අසල මෙම අම්බලම ඉදිකර ඇත. ගල් තලාවක් මත තැබූ තරමක් විශාල කළුගල් 4 ක් මත ලී බාල්ක දමා ඒ මත දැව කණු සවිකිරීමෙන් අම්බලම තනා ඇත. ලොකු ලී කණු 8 කින් හා කුඩා ලී කණු 10 කින් යුක්ත වන මෙය වර්තමානයේ පොල් අතු සෙවිලි කර ඇත. වහලය පල දෙකකින් යුතු වන අතර අම්බලමේ ඉදිරිපස හා පිටුපස කුඩා වහල 2 ක් සකසා තිබේ. අම්බලම වටේට තබා ඇති විශාල දැව බාල්ක ඉඳගැනීමට ආසන වශයෙන්ද යොදාගත හැකිය. මේ අසලම ජල පොකුණක්ද අතීතයේ සිටම පැවත එයි. මෙම පොකුණ 1983 පෙබරවාරි 27 දින නැවත හාරා සකස්කර ඇති බවට (ගල්වල කැපූ දිනය 1983.2.27) සහ 1976 මාර්තු 15 උළු තබා ඇති බවටද (15.3.1976 උළු) විස්වාස කලහැකි ලෙසින් අම්බලමේ ලී කණුවල සටහන් තබා ඇත. එනම් දැනට පොල් අතු සෙවිලි කර තිබුනද අතීතයේ උළු සෙවිලි කර තිබෙන්නට ඇති බවට විස්වාස කල හැකිය.

සබැඳි ජනප්‍රවාද෴
# මෙම අම්බලම වළගම්බා (වට්ටගාමිණි අභය) රජු විසින් සාදවන ලද බව ජනප්‍රවාදයේ පවතී. වළගම්බා රජුගේ බිසව විසින් ස්නානය කිරීම සඳහා මෙම ජල පොකුණ හා අම්බලම භාවිතා කර ඇත. එකල බිසවගේ හවරිය (කෘතීම කෙස් වැටිය) මෙම පොකුණ තුලදී නැතිවී ඇති අතර ඉන්පසු එය "හවරිය වල" ලෙසින් නම්කර ඇත. පසුව කාලයත් සමගින් මෙය "හැවරිය වල" වී වර්තමානයේ "ඇවරිය වල" ලෙසින් හඳුන්වනු ලබයි. එමනිසාම මෙම අම්බලම ඇවරියවල අම්බලම ලෙසින් අද බොහෝදෙනා අතර ව්‍යවහාර වේ.

වැදගත් දත්ත෴
# මෙම අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් (Protected Archaeology Monument) ලෙස සංරක්ෂණය කර ඇත.

විශේෂ අවවාද෴
# ජල පොකුණ ගැඹුරු බැවින් එයට බැසීමෙන් වලකින්න.

සේයාරූ෴
[ හවරියවල අම්බලම ]



[ ඉදිරිපස පෙනුම ]



[ පැති පෙනුම ]



[ පිටුපස පෙනුම ]



[ අම්බලම, ගල් තලාව හා ජල පොකුණ ]



[ අම්බලම ]



[ ගල් තලාව මත ඉදිකල අම්බලම ]



[ හවරියවල ]



[ අම්බලම අසල ඇති කුඩා බුදුමැදුර ]



[ අම්බලමට පිවිසීමට ඇති පියගැටපෙළ ]



[ පොල් අතු සෙවිලි කරනලද වහලය ]



[ දැව කුරුපාව ]



[ අම්බලම ඇතුලත ]



[ අම්බලම ඇතුලත ]



[ දිරායමින් පවතින දැව බාල්ක ]



[ දැව බාල්ක මූට්ටු කර ඇති ආකාරය ]



[ ආසන ලෙසින්ද භාවිතා කල හැකි දැව බාල්ක ]



[ දැව බාල්ක සහ කණු ]



[ අම්බලම ඇතුලත ]



[ කළුගල් කුට්ටිය මත දැව බාල්ක තබා ඇති අන්දම ]



[ දැව බාල්කය හා කණුව ]



[ දැව කණුව බාල්කයට සවිකර ඇති අයුරු ]



[ ගල්වල කැපූ දිනය 1983.2.27 ]



[ 15.3.1976 උළු ]



[ දිරායෑමට ලක්ව ඇති විශාල දැව බාල්කය ]

සලකුණු කලේ෴
2017 මාර්තු 18

සබැඳි෴

ආශ්‍රිත ලිපි෴
# ඇවරියවල අම්බලම/www.amazinglanka.com


Comments