මහව ඇල ඇල්ල [ Mahawa Ela Ella ]

පිහිටීම
පළාත~ සබරගමුව
දිස්ත්‍රීක්කය~ රත්නපුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය~ කුරුවිට
ග්‍රාමනිළධාරී වසම~ අඩවිකන්ද

වෙනත් නම්෴
# පුංචි ශිත ගඟුල

ගමන් මාර්ගය෴
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරය වෙත ගොස් එතැනින් එරත්න නගරය වෙත පිවිසෙන්න. එහි සිට අඩවිකන්ද දක්වා වැටී ඇති මාර්ගයේ 700 m ක දුරක් ගියවිට ශ්‍රී පාද හන්දිය වෙත ලඟාවිය හැක. එම හන්දියෙන් දකුණු දෙසට විහිදෙන මාර්ගයේ 3.5 km ගියවිට මෙම දිය ඇල්ල වෙත ළඟාවිය හැක.
කුරුවිට > එරත්න > ශ්‍රී පාද හන්දිය > මහව ඇල ඇල්ල

වතගොත෴
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩවිකන්ද ග්‍රාමය තුල පිහිටා ඇති මෙම කුඩා දිය ඇල්ල පිළිබඳව ප්‍රසිද්ධ වාර්තාවල සඳහන්ව නැතත් ගම්මුන් විසින් මහව ඇල ඇල්ල නමින් හඳුන්වයි. ඔවුන් ශ්‍රී පාද රක්ෂිතයෙන් ආරම්භ වන මෙම දියපහර හඳුන්වනු ලබනුයේ මහව ඇල හෙවත් පුංචි ශීත ගඟුල ලෙසිනි. එනිසාම මෙම කුඩා දිය ඇල්ල සඳහා මහව ඇල ඇල්ල ලෙසින් ව්‍යවහාර වේ.

 සේයාරූ෴
[ ඇල්ල වෙත යන මාර්ගය ]



[ ගල් අතරින් ගලා හැලෙන දිය දහර ]



[ ජලය අඩු දිය ඇල්ල ]



[ දිය ඇල්ල ]



[ දිය ඇල්ල ]



[ මාර්ගයෙන් පහලට ජලය ගලායන අන්දම ]



[ මාර්ගයට යටින් ඇති බෝක්කුව ]



[ බෝක්කුව තුලින් ගලා එන ජලපහර ]



[ ජලය රඳවාගැනීමට ඇති ඉතා කුඩා වේල්ල ]



[ දිය පහර මතින් ඇති සපත්තු පාලම ]



[ දිය ඇල්ල අසල ඇති වනමල් විශේෂයක් ]



[ මීදුමින් වැසී ඇති ශ්‍රී පාද රක්ෂිතය ]



[ කුරුවිට-එරත්න ශ්‍රී පාද මාර්ගයේ ආරම්භය ]

සලකුණු කලේ෴
2016 නොවැම්බර් 12

සබැඳි෴






Comments