ඇපලවත්ත අම්බලම [ Apalawaththa Ambalama ]

පිහිටීම
පළාත~ බස්නාහිර
දිස්ත්‍රීක්කය~ ගම්පහ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය~ අත්තනගල්ල
ග්‍රාමනිළධාරී වසම~ යටවක

වෙනත් නම්෴
# යටවක අම්බලම

ගමන් මාර්ගය෴
වේයන්ගොඩ-රුවන්වැල්ල මාර්ගයේ (B445) නිට්ටඹුව නගරයේ සිට රුවන්වැල්ල දෙසට පැමිණෙනවිට ඌරාපොල නගරය මුනගැසේ. එසේ මාර්ගයේ පැමිණීමේදී උරාපොල මහා විද්‍යාලය පසුවනවාත් සමගම වම්පසට හැරී (රුවන්වැල්ල දෙසට) 1.4 km දුරක් ගෙවාදැමු පසු දකුණු පසින් මහා මාර්ගය අද්දරම කුඹුරු යායකට මායිම්ව මෙම අම්බලම දැකගත හැකිය.
නිට්ටඹුව > ඌරාපොල > ඇපලවත්ත අම්බලම

වතගොත෴
ගම්පහ දිස්ත්‍රික්කයේ ඌරාපොලට නුදුරුව යටවක ග්‍රාම නිලධාරී වසම තුල පිහිටි මෙම අම්බලම කළුගල් අත්තිවාරමක් මත ගඩොලින් ඉදිකර සිමෙන්ති කපරාරු කර හුණු පිරියම් කර ඇත. පොලවට සිමෙන්ති දමා ඇති අතර වහලය දැවමය සැකිල්ලක් මත ඉදිකර අඩ රවුම් මැටි උළු (සිංහල උළු) සෙවිලි කර තිබේ.
වර්තමානයේ මෙහි ඇතුලත පොලව මට්ටම මාර්ගයට වඩා පහතින් පිහිටයි. මාර්ගයේ සිට කුඹුර වෙත ඇති බෑවුම් සහිත බිමක ඉදිකිරීම නිසා අම්බලමේ පිටුපස අත්තිවාරම ඉතා වැඩි උසකින් යුක්තය. අත්තිවාරම සඳහා කළුගල් මෙන්ම කබොක් ගල්ද භාවිතා කර ඇත. අම්බලම වටේම කෙටි බිත්තියකින් ආවරණය කර ඇති අතර මුළුවලට යොදා ඇති හරි හතරැස් කුළුණු 4 කින්ද එම කුළුණුවල හරිමැදට වන්නට ඇති (පිටුපස හා දෙපස) රවුම් කුළුණු 3 කින්ද දොර දෙපස ඇති රවුම් කුළුණු 2 කින්ද ලෙසින් මුළු කණු 9 කින් මෙම ගොඩනැගිල්ල සමන්විත වේ. අම්බලම ඇතුලත වාඩිවීම පිණිස සිමෙන්ති ආසන තනා ඇත. එම ආසන විවිධ වයස් කාණ්ඩවල අයවලුන්ට ඉඳගැනීමට පහසුවනු පිණිස උස මට්ටම් තුනකට ඉදිකිරීම විශේෂය. වහලය ගත්විට අට දිශාවෙන් පැමිණෙන ප්‍රධාන පරාල 8 ක් ප්‍රධාන බාල්කයක් මත ඇති මුදුන් කුරුපාවක් මතදී මුට්ටු කර ඇති අතර මුලුවලදී හරහට දමා ඇති පාර්ශ්වික බාල්කමත ඇති කුරුපා 4 ක් මගින් නෙත්ති පරාලවල බර දරා සිටී. අනෙකුත් සියලුම පරාල නෙත්ති පරාලවලට හා බිත්ති යටලීයට සවිකර ඇත. සියලුම කුළුණුවල හතරැස් කුළුනුහිස් ඇතත් මෙහි කිසිදු ලී කැටයමක් දක්නට නැත.

වැදගත් දත්ත෴
# මෙම අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් (Protected Archaeology Monument) ලෙස සංරක්ෂණය කර ඇත. 

සේයාරූ෴
[ ඇපලවත්ත අම්බලම ]



[ ඉදිරි පෙනුම ]



[ පැති පෙනුම ]



[ මහා මාර්ගයේ සිට පෙනෙන අයුරු ]



[ කුඹුරේ සිට පෙනෙන අයුරු ]



[ පිවිසුම් දොරටුව ]



[ පිවිසුම් දොරටුව ඇතුලතින් ]



[ හතරැස් කුළුණ ]



[ රවුම් කුළුණ ]



[ හතරැස් කුළුණු හිස ]



[ රවුම් කුළුණු හිස ]



[ සිමෙන්ති ආසන ]



[ විවිධ උසින් යුත් ආසන ]



[ වැඩිහිටියන් සඳහා ඇති ආසනය ]



[ අම්බලමේ ඇති කුළුණු ]



[ අම්බලමේ ආවරණ බැම්ම ]



[ අඩ රවුම් උළු සෙවිලිකල වහලය ]



[ වඩිම්බුව ]



[ වහලයේ පරාල මූට්ටු කර ඇති අයුරු ]



[ මුදුන් කුරුපාව ]



[ නෙත්ති පරාලයේ බර දරන කුරුපාව ]



[ වහල සැකැස්ම ]

[ අම්බලමට පහලින් ඇති විශාල හතරැස් කළුගල් යොදා ඉදිකරන ලද
ඇලේ පැති බැම්ම ]



[ අම්බලම පිටුපස ඇති වෙල්යාය ]

සලකුණු කලේ෴
2017 පෙබරවාරි 25

සබැඳි෴




Comments